Monday, September 27, 2010

ලොව ඇති ඕනෑම විෂක් කුඩා මාත්‍රයෙන් ගත් කළ ඔසුවකි.


ලොව ඇති ඕනෑම විෂක් කුඩා මාත්‍රයෙන් ගත් කළ ඔසුවකි. එමෙන්ම ඕනෑම දිව ඔසුවක් විශාල මාත්‍රාවක දී මාරාන්තික විෂකි.

Poisons in small doses are the best medicines. But useful medicines in too large doses are poisons.


මේ අදහස ලොවට කියූවේ 17 වැනි සියවසේ බ්‍රිතාන්‍ය ජාතික විලියම් විටර්ලින් [William Withering] නම් වූ ඔසු පිළිබඳ විද්‍යාඥයෙකි.


මෙහි ව්‍යංගාර්ථය නම් ලොව ඇති ඕනෑම දෙයක ඖෂධීය ගතිගුණ තීරණය වන්නේ එම අදාල රසායනිකය ශරීරගත කරන්නට යොදා ගන්නා ප්‍රමාණය මත බවය.

අනිත් අතට ලොව ආරක්ෂාකාරී ඔසුවක් යැයි දෙයක් නොමැත. නමුත් ශරීරයේ හටගන්නා විවිධ රෝග ආබාධ උදෙසා එබඳු රසායනික ද්‍රව්‍ය ආරක්ෂා සහිත ‍මාත්‍රා ප්‍රමාණවලින් ශරීරගත කිරීම අධීක්ෂණයට සහ නිර්දේශය පිණිස ඒ රසායනික ජීව ක්‍රියාවලි අත්‍යන්තයෙන් හදාරා, පිළිගත් සම්මුති තුළ ඖෂධ පරිහරණය උදෙසා එක් අතකින් වෛද්‍යවරු ද අනෙක් අතට ඖෂධවේදීන් ද අහිංසක රෝගීන්ගේ දිවි රැක ගනු වස් ඉදිරිපත් ව සිටී‍.

No safe Drugs in the world. But only safe Doctors and Pharmacists to look after the innocent patients.

Sunday, September 26, 2010

ඔසු විසිතුරු ආයුබෝවන්!


දයාබර සහෘදය,

මේ ඇරඹෙන නැවුම් ‍බ්ලොග් අඩවිය වෙන්වන්නේ ලංකාවේ ඔසු පිළිබඳ පාරම්පරික ඥානය සහ නූතන ඖෂධවේදය හා මුසුවන දැනුමේ එක්තරා නිමේෂයන් තුළ මා අත්විඳි හැඟුම් සමුදායන් ලියා දක්වන්නට ය.


මෙම බ්ලොග් අඩවියෙන් ඔසු පිළිබඳ න්‍යායාත්මක කරුණු මෙන්ම ඒ හා බැඳි රසවත් කතන්දර ද ලියා දක්වන්නට මම උනන්දු වෙමි.


මේ ලියැවිලි හරහා ඔබ සැවොම කිසියම් දැනුමක් විනෝදයක් අත්කර ගන්නේ යැයි සිතමි.


ඔබගේ අදහස් යෝජනා සහ එකතුකිරීම් සාදරයෙන් පිළිගනිමි.

රුවන් රයිගම්කෝරළගේ
R.K. Ruwan

graphic source